ක්‍රීඩාව නිසා විභාගයත්, විභාගය නිසා ක්‍රීඩාවත් දරුවන්ට අහිමි නොකරමින් ගත් අධ්‍යාපනයේ තවත් සාධනීය පියවරක් සටහන් වෙයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නව විද්‍යාත්මක Z-score ක්‍රමවේදයෙන් විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීමෙන් දේශපාලන බලපෑම් ඇති විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය, නිතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැක්කේ ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව ගුරුවරුන් බඳවා ගැනීමෙන් මිස, දේශපාලන හිතවතුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

සිංහල සාහිත්‍යය පොත් දෙමළ භාෂාවටත් දෙමළ පොත් සිංහල භාෂාවටත් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කෙරේ.

මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලිය නියෝජන කළ ක්‍රීඩකයන්ට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් සුබපැතුම් එක් කරයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුලු රජයේ සියලුම සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්ව අවස්ථාක, වැටුප් විෂමතා මුල් කර ගුරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේදී, විදුලු සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ලොව පිළිගත් ඉහළම ප්‍රමිතියේ පරිගණක යොදාගත් බව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව නඟන චෝදනා සත්‍ය යෙන් තොර බවයි.

ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත්වීමට සිසුන් 44,568කට අවස්ථාව සැලසී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 ට ගුරු පත්වීම් ප්‍රදානය කෙරේ.

Latest News