එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම ඇතැම් ජනමාධ්‍ය ආයතනවල අවශ්‍යතාවය වුවත් ඒ සඳහා කිසිදු ඉඩක් නොදී නායකයා හා නියෝජ්‍ය නායකයා කෙසේ හෝ එකතු කරගෙන ඉදිරියටම ගමන් කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේය.

‘ගුරු කුලවලට සීමා නොවී, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් අලුතින් සිතා නොබියව, නිවැරදි තීන්දු තීරණ ගන්න, මතුවන ඕනෑම ගැටළුවකට පාර්ලිමේන්තුවෙදි මම මුහුණ දෙන්නම්’ යැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පෞද්ගලික පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාතයාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) ප්‍රකාශ කළේය.

රජයක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂවක් පාසල් සඳහා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

සිසු සිසුවියන් පාසැල් යාවා මියගියහොත් සුරක්‍ෂා රක්‍ෂණයෙන් රුපියල් ලක්‍ෂයක් දෙන පණිවුඩය දෙදරු පියෙකු වශයෙන් පැවසූයේ එවැන්නක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතා පවසයි.

සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයකින් පසු 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කිසිවිටකත් බුද්ධි අංශ අඩපණ කිරීමට රජය කටයුතු කර නොමැති බවත්, එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් 24 වැනිදා ආරම්භ කිරිමට තිරණය කළ බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල්වලට මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝග කරයි.

Latest News