ආසියානු ශාන්තිකර රුවල් ඔරු තරගාවලිය නියෝජන කළ ක්‍රීඩකයන්ට සුබපැතුම්

ඔක් 11, 2019

    ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලිය නියෝජන කළ ක්‍රීඩකයන්ට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් සුබපැතුම් එක් කරයි.

    ලෝකයේ රටවල් 22ක සහභාගීත්වයෙන් වාර්ෂික ව පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලිය (IODA) වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (11) අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය.

    තරගාවලියේ දී Silver Fleet අංශයේ තුන්වැනි ස්ථානය දිනාගැනීම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබේ. දැනට ලංකාවේ බිහිව සිටින රුවල් ඔරු ජාතික ශූරතාව හිමි ශාන්ත තෝමස් විද්‍යාලයේ ධනික නානායක්කාර ප්‍රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු මේ අවස්ථාවට එක්ව සිටි අතර අධ්‍යාපන අමාත්‍යවරයා ඔවුන් වෙත සිය සුබපැතුම් එක් කළේය.

    මෙවර තරගාවලිය පවත්වනු ලැබූයේ ඕමානයේ මුෂානා වෙරළ තීරයේ දී වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලද්දේ ක්‍රිශාන් ජානක මහතායි.

    row 01

    මෙම ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලියේ 2020 වසරේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇත.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 13:08

    Latest News