පාසල් දරුවන්ට ඉහළම ප්‍රමිතියේ ටැබ් පරිගණක: ඇමති අකිල (වීඩියෝ)

සැප් 24, 2019

    පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේදී, විදුලු සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ලොව පිළිගත් ඉහළම ප්‍රමිතියේ පරිගණක යොදාගත් බව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව නඟන චෝදනා සත්‍ය යෙන් තොර බවයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා...

    “ටැබ් පරිගණක ලබාදීම පිළිබඳව බොහෝ අයට මුල සිටම ප්‍රශ්නයක් තිබ්බා. මේ යොදාගන්න ටැබ් පරිගණක ප්‍රමිතිගත ටැබ් පරිගණක. සියලු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම සියල්ලම තියෙන ටැබ් පරිගණක. කිසිම ප්‍රශ්නයක් තියෙන එකක් නොවන බවට මට අමාත්‍යවරයා විධියට කියන්න පුලුවන්. පළමු වතාවට ජාතික පාසල්වල සියලු දරුවන්ට, ගුරුවරුන්ට ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් ටැබ් ලබාදෙන්න දැන් ගිවිසුම් ඔක්කොම විවෘත කරලා අවසන් කරලා තියෙනවා. දෙවන අදියරේ තව මාස කිහිපයකින් උසස් පෙළ කරන හැම පාසලකටම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට ටැබ් පරිගණක දෙන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේ 6 සිට දරුවන්ටත් මේක ලබාදෙන්න. ඔවුන්ටත් පාවිච්චි කරන්න පුලුවන් මේ පරිගණකය. අවුරුදු 4ක් විතර පාවිච්චි කරන්න පුලුවන් මේ පරිගණකය. එතකොට අච්චු පොත්වලට යන වියදම වෙන්නෙත් නැහැ. මේ ටැබ් පරිගණකය තුළ සියලුම විෂය කරුණු දානවා. අමතර කියවීම් පොත් දාන්න පුලුවන් කමකුත් තියෙනවා. පුස්තකාලවලට යන්න පුලුවන් ඩිජිටල් ගුරුවරයෙක් අපි ලබාදෙන්නේ“ යැයි ඇමතිවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 20:25

    Latest News