ගුරු හිඟය විසඳිමට ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන්ට පත්විම්

සැප් 03, 2019

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 ට ගුරු පත්වීම් ප්‍රදානය කෙරේ.

    එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 08 වැනිදා අරලියගහ මන්දිරයේදී සිදුවේ.

    විද්‍යාපීඨ 19ක සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් විෂයයන් 31කින් පාඨමාලා හදාරා සිටින මෙම පිරිස, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන් වශයෙන් පත්විම් පිරිනැමේ. මෙම පිරිසෙන් 2340 දෙ‍නෙකු සිංහල මාධ්‍යයෙන් ද 1300 දෙ‍නෙකු දෙමළ මාධ්‍යයෙන් ද 646 දෙනෙකු ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද දෑ අවුරුදු පාඨමාලා හදාරා, වසරක කාලයක් සීමාවාසික ගුරු පුහුණුව සම්පූර්ණ කර සිටිති.

    ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවා සිසු දරුවනට අඩු පාඩුවකින් තොරව අධ්‍යාපනය සැලසිම පිණිස මෙම ගුරුවරුන් කඩිනමින් පාසල්වලට ස්ථානගත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ්කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

     

     

     

     

     

     

     

     

     

    Latest News