update- අගමැති සිය ධුරයේ රාජකාරී අරඹයි

අගෝ 11, 2020

    අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ බාර ගත්තේය.

    ඒ අරලියගහ මන්දිරයේ දී ය.

    මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

     

    අගමැති සිය ධුරයේ වැඩ භාර ගැනීම අද (පෙ.ව - 8.30)

    අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

    ඒ අද උදෑසන 10.30ට අරලියගහ මන්දිරයේ දී. පසුගිය ඉරිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.  නව අමාත්‍යවරුන් හෙට දිනයේ දී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මගුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

    නව අමාත්‍ය මණඩල ව්‍යුහය ඇතුලත් ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 11:43

    Latest News