අග්‍රාමාත්‍යතුමාගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්

අප්‍රේ 16, 2021

    පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදට (16) ට යෙදෙන පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේ දී (15) දින ප්‍රදානය කළේය.

    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයේ පැළ සිටුවීම අද (16) දින පූර්වභාග 6.40 නැගෙනහිර බලා සිදු කෙරිණ.

    මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්ස පිහිටි නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වේ.

    මෙයට සමගාමීව රට පුරා පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ඉටු කෙරිණ.

    Latest News