සුරකිමු ගංගා ව්‍යාපෘතියේ මිලියන 500ක ව්‍යාපෘති නිම කිරීමට උපදෙස්

දෙසැ 13, 2021

    සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ, 2022 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.



    මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරි වසරට රුපියල් මිලියන 2000ක මුදලක් රජය මගින් වෙන් කර ඇති අතර මෙම මුදල් උපරිම වශයෙන් යොදා ගනිමින් ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා නව ව්‍යාපෘති යෝජනා කරන ලෙසද ඇමැතිවරයා නිළධාරින්ගේන් ඉල්ලීමක් කර තිබේ.

    සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ලබන වසරේ දී ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති හදුනාගැනීම පිළිබඳ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

    'මෙවර අයවැය මගින් පරිසර අමාත්‍යංශ සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීමට රජය කටයුතු යොදා ඇති අතර මෙම මුදල් කාර්තු හතරකට බෙදා එක් එක් කාර්තුව තුළ වියදම් කිරීමට නියමිත මුදල් වැය කළ යුතු ව ඇත. ඊළඟ කාර්තුවට නියමිත මුදල අමාත්‍යංයට ලැබෙන්නේ මුල් කාර්තුවේ මුදල් සම්පූර්ණයෙන්ම වැය කළොහොත් පමණකි. එමනිසා අදාල කාර්තුවට වෙන් කරන ලද මුදල් අනිවාර්යයෙන්ම ඒ ඒව්‍යාපෘති සඳහා වැය කළ යුතු බව ඇමැතිවරයා මෙහිදී අමාතයංශ නිළධාරින්ට පෙන්වා දුන්නේය.

    “අපි මේ වසරේ කැලණි, වළවේ හා මැණික් යන ගංගා සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. අනෙක් ගංගාවන් ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා. නමුත් කැලණි ගඟ පිරිසිදු කිරීමේ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයැයි“ ද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    Latest News