එසේ වුවද එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසාය.
එහෙත් ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටළුවට පවා මුහුණ දීමට සිදුවන බව අද දින (03) පරිසර අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය විය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු හෙළීදරව් කරනු ලැබීය.
කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබීය.
මෙහිදී කොළඹ නගරාධීපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් කොළඹ මහ නගර සභාව සකස් කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළිවෙළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දෙනු ලැබුවාය. එමෙන්ම කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවත්, එමෙන්ම කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්යභ විශේෂඥ හා තාක්ෂණික සහය ලබා දෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය ඉල්ලීමක් කළාය.
මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ නගරය තුළ පවතින ශබ්ද දූෂණය, වායු දුෂණය ඇතුලු සමස්ත පරිසර දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යංශය වශයෙන් දිය හැකි සියලු සහයෝගය ලබා දෙන බව පැවැසීය.