තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේදී රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින්. බණ්ඩාරගම ගැමුණු මාවතේ නිවසක දී අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙනෙක් ද වෙයි.

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය අද අළුයම සමත් විය.

පොලිස් විශේෂ කාර්ය බලකාය,මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ සිදුකළ මෙහෙයුමකදී විදේශ රටවල නිෂ්පාදිත පිස්තෝල දෙකක්,මැගසින් 4ක් සහ ජීව උණ්ඩ 14ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10 ක් නැදිමාල ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

තලෙයිමන්නාරම්, ඌරුමලේ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී වෙරළේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය 1.05kg නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් කෝටියක්.

මන්නාරම, දුම්රියපොළ අසළ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සමග සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News