බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක්

ජන 15, 2021

    ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය අද අළුයම සමත් විය.

    ඒ කොස්ගොඩ ප්‍රදේශයේදී සිදු කෙරුණු විශේෂ වැටලීමකදී. ඉන්දියාවේ දී මියගිය බවට සඳහන් වූ අංගොඩ ලොක්කා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සගයෙකු වන ලැටී නමැත්තා, මේ ජාවාරම මෙහෙවා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

    බස් රථය පැදවූ 27 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු පැමිණෙන අතරතුර විවිධ ස්ථානවල දී මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවයි,හෙලිවී ඇත්තේ.

    සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News