අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් නාවික හමුදා භාරයට

අප්‍රේ 01, 2020

    පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

    වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් ඊයේ (31) පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරීක්‍ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 310 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

    සැකකරු වයස අවුරුදු 23 වන වියෙහි පසුවන බවට තහවුරු කරගත් අතර, සැකකරු සහ අදාල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නොරොච්චෝලය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

    Latest News