ගිනිඅවි 2ක් හා ලක්ෂ 15ක 'අයිස්' මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

දෙසැ 24, 2020

    පොලිස් විශේෂ කාර්ය බලකාය,මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ සිදුකළ මෙහෙයුමකදී විදේශ රටවල නිෂ්පාදිත පිස්තෝල දෙකක්,මැගසින් 4ක් සහ ජීව උණ්ඩ 14ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සොයා ගැනුණු එක් පිස්තෝලයක් නිපදවා ඇත්තේ,තුර්කියේ අනෙක් පිස්තෝලය ජර්මනියේ නිෂ්පාදිතයි.

    ලක්ෂ 15ක අයිස් මත්ද්‍රව්‍ය,අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා නිර්මාණය කරන ලද උපකරණයක්,හෙරොයින් ග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමග ලක්ෂ දෙකකට අධික මුදලක් සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවෙක් ඊයේ තලංගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ තලංගම පොලීසිය විසින්.

    ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බවට සැක කෙරෙන වැල්ලේ සුරංග නමැත්තාගේ සහ බත්තරමුල්ලේ සංජු නමැත්තාගේ ගෝලයෙක් වන ඉකුත් දා අත්අඩංගුවට ගත් තලාහේනේ බඩී නමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදු කළ බවට සැක කෙරෙන රජිත නමැත්තෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු, අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News