රු.කෝටි 2ක අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

පෙබ 19, 2021

    රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින්. බණ්ඩාරගම ගැමුණු මාවතේ නිවසක දී අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙනෙක් ද වෙයි.

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක්,හෙරොයින් ග්‍රෑම් 10ක් සහ ගංජා ග්‍රෑම් 500ක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගැනිණ.

    ඒවා ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන තිබේ. සැකකරුවන් කුලී පදනමින් ලබාගත් එම නිවසේ පදිංචිව සිටිමින් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය අළෙවි කර ඇති බවයි,පොලීසිය පවසන්නේ.

    මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන අරුන්ගොඩ සළිඳු නමැත්තාගේ උපදෙස් මත ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    සැකකරුවන් පිළියන්දල හා මිල්ලනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Latest News