මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.

යුද හමුදාපතිවරයා හා පොලිස්පතිවරයා අද (11) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමාකාමී විරෝධතාවට නීතිවිරෝධි අයුරින් කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ.

මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ.

සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැලිකිලිමත් ක්‍රියාකලාපයන් හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසමන් හමුවේ අද පිළිගත්තා.

ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මාර්තු 02 සිට පොලිස්පති උපකාරක මැදිරියක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී මැරීමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටින අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුතුගේ විවාහ උත්සවයට සහභාගිවීමට අවසර ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අවධානය යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද නියම කළේය.

2016 වසරේ සිට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳව වාර්තා 347 පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබූ බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා අවිනිශ්චිත වාර්තා බවට පෙනී යන බව නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිට දැනුම් දී තිබේ.

Latest News