පොලිස්පතිට තවත් නඩුවක්

නොවැ 16, 2022

    මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩ තහනම් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කර තිබුණා.

    එම නොතිසියට අනුව පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.

    Latest News