ගුණාත්මක සේවාවක් වෙනුවෙන් පොලිස්පති උපකාරක මැදිරියක්

පෙබ 28, 2020

    ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මාර්තු 02 සිට පොලිස්පති උපකාරක මැදිරියක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    පොලීසියට පැමිණිලි ඉදිරිපත් කිරීමේදී නිසි ලෙස නීතිය ඉටුනොවීම පිළිබඳ හා පොලීසිය සම්බන්ධයෙන් ජනතාවට ඇති වන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මෙම උපකාරක මැදිරිය ස්ථාපිත කර තිබේ.

    පොලිස් මූලස්ථානයේ භාෂා සහායක මැදිරියේ ස්ථාපිත කර තිබෙන පොලිස්පති උපකාරක මැදිරිය තුළ දුරකථන අංක දෙකක් ස්ථාපිත කර ඇත.

    ඒ අනුව 011-2444480 හා 011-2444481 දුරකථන අංක මගින් ජනතාවට අදාළ තොරතුරු ලබාදිය හැකිය.

     

    Latest News