යුද හමුදාපති හා පොලිස්පති අද මානව හිමිකම් කොමිසමට

මැයි 11, 2022

    යුද හමුදාපතිවරයා හා පොලිස්පතිවරයා අද (11) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

    අද පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම්දී ඇති බවයි,එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවේ.

    පසුගිය 9 වැනිදා රට තුළ සිදුවු කලහකාරී තත්වය පාලනය කිරීමට තිබූ හැකියාව සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසන බවයි, මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය පවසන්නේ.

    ඇය පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදු කළ යුතු බවයි.

    මේ අතර, රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හෙට මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බව ද මානව හිමිකම් කොමිසම පවසයි.

    Latest News