තවත් නාවික හමුදා පුද්ගලයින් 26කගේ වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (15) දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිට සුවය ලැබූ තවත් තිදෙනෙක් රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සිට සම්පූර්ණයෙන්ම සුවය ලැබූ තවත් පුද්ගලයෙක් අද රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණයෙන්ම සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා කළුතර,බදුල්ල,රාගම,ගම්පහ,මීගමුව ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් 12ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කරමින් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ සිව් දෙනාට එම වෛරසය ආසාදනය වී නැතැයි පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වූ බව, වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

Latest News