කෙරෝනා වෛරසයට මුහුණ දීමට රෝහල් 12ක් සූදානම්

ජන 28, 2020

    කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා කළුතර,බදුල්ල,රාගම,ගම්පහ,මීගමුව ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් 12ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

    මෙරට ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා හමුවූ බවට ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේය.

    ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්. ඇය මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 10:32

    Latest News