IDH රෝහලට ඇතුළත් කළ සිව් දෙනාට කොරෝනා වෛරසය වැළඳී නැතැයි MRI තහවුරු කරයි

ජන 27, 2020

    කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කරමින් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ සිව් දෙනාට එම වෛරසය ආසාදනය වී නැතැයි පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වූ බව, වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

    අප කළ විමසීමක දී එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා මේ බව තහවුරු කළේය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රසායනාගාර සේවා වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ මඟපෙන්වීම යටතේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙවැනි හදිසි අවස්ථාවකදී කළ යුතු සියලු දෑ සූදානම් කර තිබිණ. එවන් පසුබිමක පළමු රෝගීන් කිහිපදෙනාගේ සාම්පල පරික්ෂණවලට ලක් කිරීමට අවශ්‍ය පසුබිම් සකස් කර තිබීම විශේෂත්වයක්.

    එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ හෙළි කර සති තුනක් ඇතුළත සාර්ථකව ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි, වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 15:13

    Latest News