නාවික හමුදාවේ තවත් 26ක් රෝහල් වලින් පිටව යයි

මැයි 16, 2020

    තවත් නාවික හමුදා පුද්ගලයින් 26කගේ වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (15) දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

    ඔවුන්ගෙන් 20ක් නාවික හමුදා මහ රෝහලේද, 05ක් මුල්ලේරියාව රෝහලේද, එක් නාවික හමුදා පුද්ගලයෙක් හෝමාගම රෝහලේ ද ප්‍රතිකාර ලැබීය.

    ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

    Latest News