තවත් ආසාදිතයින් තිදෙනෙක්ට සුවයි

අප්‍රේ 14, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිට සුවය ලැබූ තවත් තිදෙනෙක් රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ වන විට ලංකාවේ සුවය ලැබු පුද්ගලයින් ගණන 59 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 218ක්. වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අතර තවත් 152ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88 දෙනෙක්,නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙක්,වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙ ක් හා ඉරණවිල රෝහලේ 06 දෙනෙක් ද ඊට අයත්.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 14:55

    Latest News