කොරෝනා ආසාදනය වී අයි.ඩී.එස්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණයෙක් ඉන් පළා යාමට උත්සහ දැරීමේ දී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු සිය භාරයට ගෙන තිබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය දෙදෙනා ඇහැලියගොඩ යාය පාර ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සොයාගෙන තිබේ.

අයි.ඩී.එච් රෝහලෙන් පැන ගොස් සිටියදී හමුදා බාරයට ගත් කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

අද (2) උදෑසන 10.00 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 97ක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට, කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව1446ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොවිඩ් 19 රෝගය වැළඳුණු 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 849ක්.

කොවිඩ්-19 ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

රටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (26) දිනයේ වාර්තා විය. ඒ ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 137 දෙනෙක් හඳුනාගැනීමත් සමඟයි.

කොරෝනා වෛරසය ආසාදිතව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News