මේ අවුරුද්දේ වැඩියෙන්ම කතාකරන රෝහලට බවට පත්වුණේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සිට සම්පූර්ණයෙන්ම සුවය ලැබූ තවත් පුද්ගලයෙක් අද රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා සම්පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ බෝවන රෝග විද්‍යායතන පරිශ්‍රයේ රෝගීන් සඳහා නව වාට්ටු සංකීර්ණයක ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු මෙරටදී හමු වී ඇති බවට පළ වී ඇති පුවත්වල කිසිඳු සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කර මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට මේ සතිය ඇතුලත රෝගීන් 71 ක් පමණ ඇතුලත් කර තිබෙන බව, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කරමින් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ සිව් දෙනාට එම වෛරසය ආසාදනය වී නැතැයි පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වූ බව, වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

Latest News