IDH රෝහලෙන් පැනයෑමට සැරසුනු කොවිඩ් රෝගියා අල්ලයි

නොවැ 23, 2020

    කොරෝනා ආසාදනය වී අයි.ඩී.එස්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණයෙක් ඉන් පළා යාමට උත්සහ දැරීමේ දී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු සිය භාරයට ගෙන තිබේ.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන ඔහු ඊයේ (22) සවස එම පුද්ගලයා රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සහ දරා ඇත.

    ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර මේ වන විට ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය

    Latest News