823ක් පූර්ණ සුවය ලබා පිටව ගොස්

ජූනි 03, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 849ක්.

    කොවිඩ් 19 රෝගීන් 40 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගැනිණ. ඉන් 27 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණ තිබේ. 7 දෙනෙකු වාර්තා වූයේ නාවික හමුදා සාමාජිකයන් අතුරින්. කුවේට් සිට පැමිණි තිදෙනෙකු ද ඊයේ හඳුනා ගැනුණ රෝගීන් අතර වෙයි.

    නාවික හමුදා සාමාජිකයෙකුගේ සමීපතයෙකු ද ඒ අතර වෙයි. ඩුබායි සිට පැමිණි එක් අයෙකු සහ රුසියවේ සිට පැමිණි එක් අයෙකු ද කොවිඩ් 19 රෝගීන් ලෙස ඊයේ හඳුනා ගැනිණ.

    Latest News