අද (22) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

තවත් නාවික හමුදා සාමාජිකයින් 12කගේ ශරීර තුල වෛරසය නොමැති බවට PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සුවය ලැබූ 32ක් රෝහල්වලින් පිටව යාමත් සමගයි.

කොරෝනා වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස අද වන විට 232 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙක් සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

වරකාපොල ප්‍රදේශයෙන් හඳුනාගැනුණ කොරෝනා ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබේ. අද (21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ තවත් පුද්ගලයෙක් අද පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව සිටි තවත් තිදෙනෙක් අද (16) දින සුවය ලබා ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News