දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා.

ඊයේ (14) අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන එයි.

හිරුණිකා CIDයට

අප්‍රේ 27, 2024

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව අගෝස්තු මස 23 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළා.

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා.

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වන කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ අද නියෝග කළා.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩු විභාග කිරීම සඳහා කොළඹ දින නියමමහාධිකරණය නියම කළේය.

Latest News