අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන එයි (වීඩියෝ)

නොවැ 15, 2022
  • ඊයේ (14) අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් අධිකරණයට රැගෙන එයි.

    කුරුදුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    පොලීසියේ රාජකාරිවලට බාධා‍ කිරීම හේතුවෙන්. කාන්තාවන් පිරිසක් ඊයේ දහවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට වීථි නාට්‍යයක් රඟ දක්වා තිබෙනවා. පොලීසිය එම ස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිස්ථානයට ‍ගෙන එනු ලැබුවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොලිස්ථානයට පැමිණ, ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. ඉන් අනතුරුවයි ඇය ඇතුළු පිරිස අත්ඩංගුවට ගැනුණේ.

    Last modified on අඟහරුවාදා, 15 නොවැම්බර් 2022 10:49

    Latest News