හිරුණිකා කොළඹ මහාධිකරණයට

මැයි 09, 2023

    දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා.

    ඒ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩුව ගොනු කර ඇත්තේ, නීතිපතිවරයා විසින්. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්යව සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා ගැනීම සිදු කෙරුණා. පැහැරගැනීමට ලක් වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා මෙහිදී සාක්ෂි දුන්නා. වැඩිදුර විභාගය ජුනි මස පළමුවැනිදාට කල් තැබුණා.

    Latest News