හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 13, 14 විභාගයට

දෙසැ 11, 2018

    2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩු විභාග කිරීම සඳහා කොළඹ දින නියමමහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන්  මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නඩුව මාර්තු මස 12 සහ 13 යන දිනවල විභාගයට ගන්නා බවයි විනිසුරුවරයා නියම කළේය.  එදින සාක්ෂි දීම සඳහා සාක්ෂි කරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ද විනිසුරුවරයා අවවාද කළේය.
    2016 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා හිරිහැර සිදු කළ බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.
    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩුව අවසන් කර ගෙන තිබේ.
    Last modified on අඟහරුවාදා, 11 දෙසැම්බර් 2018 11:23

    Latest News