2015 වසරේ තරුණයකු පැහැරගෙන ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවක් අද පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
එහෙත් මෙම නියෝගය ප්‍රකාශයට පත් වී ස්වල්ප වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණියා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට මාස එක හමාරක් වයසැති බිළිඳෙකු සිටින බවත් ඇය අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවත් පැවසුවා.
එහෙත් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව කී නීතිඥවරිය මින්මතුවට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් ප්‍රතිඥාවක් ලබා දුන්නා.
ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කළ තිබු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කළා.
ඉන් මතුවට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මෙහිදී විනිසුරුවරයා විසින් විත්තිකාරියට අවවාද කරන ලදී.
නඩුව නැවත ජුනි මස 17 වනදා කැඳවීමට නියමිතයි.