හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

ජූනි 17, 2020

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ අද නියෝග කළා.

    විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නියෝගය සිදු කළේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට වන චෝදනාවක් සම්බන්ධවයි.

    මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව විත්තිකාරියට ජුලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිතාසිය අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළා.

    2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News