හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

මැයි 31, 2022

    2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව අගෝස්තු මස 23 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව අගෝස්තු මස 23 දා විභාගයට ගන්නා බවයි.

    2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන සමයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

    මෙම නඩුවේ චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අටදෙනකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට අධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කර තිබුණා.

    Latest News