සාමාන්‍ය රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සදහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඉන්ධනහල් කිහිපයක් සඳහා ඉන්ධන සැපයීම අද සිට (20) ක්‍රියාත්මක වන පරිදි වහාම අත්හිටුවීමට කටයුතුකර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාන දැනුම් දෙයි.

ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 2,500ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් දෛනිකව නිකුත් කරනු ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඉන්දීය රජයේ සහයෝගීතාවය මත ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) දින කොළඹ වරාය වෙත ළඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

කොලොන්නාව, නිමාව ඉන්ධන නිකුත් කිරීමේ පර්යන්තයෙන් බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමට අදත් සියලුම ටැංකි රථ යොදවා තිබේ. 

ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට ඔවුන්‍ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරිම සඳහා බලපත්‍රයක් ලබාදීම යෝග්‍ය වන බවට හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

වර්තමානයේ රටේ ඉන්ධන හිඟයක් නැතැයි,ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.

රටතුළ කිසිඳු ඉන්ධන හිඟයක්‌ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

Latest News