පිරවුම්හල් කිහිපයක ඉන්ධන සැපයුම අත්හිටුවයි

මැයි 20, 2022

    ඉන්ධනහල් කිහිපයක් සඳහා ඉන්ධන සැපයීම අද සිට (20) ක්‍රියාත්මක වන පරිදි වහාම අත්හිටුවීමට කටයුතුකර ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාන දැනුම් දෙයි.

    ඒ එකී ඉන්ධන පිරවුම්හල් සංස්ථා උපදෙස් හා නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන්.

    ඒ අනූව මාකොල දකුණ ලංකා පිරවුම්පොල, නාල්ල ලංකා පිරවුම්පොල, කැලණිය - පෙතියාගොඩ ලංකා පිරවුම්පොල හා මීරිගම ලංකා පිරවුම්පොල වෙත ඉන්ධන සැපයුම අත්හිටුවා තිබේ.

    මෙම බෙදුම්කාරත්ව ධුරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

    fuel1

    Last modified on සිකුරාදා, 20 මැයි 2022 09:46

    Latest News