විශේෂිත ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ගෙන්වීමට බලපත්‍රයක්

අප්‍රේ 26, 2022

    ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට ඔවුන්‍ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරිම සඳහා බලපත්‍රයක් ලබාදීම යෝග්‍ය වන බවට හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

    ඒ අනුව බලපත්‍රයක් ලබාදීමට යෝග්‍ය වන පාර්ශවයන්ට බලපත්‍ර ලබාදීමට හැකිවන පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව 2022 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම යෝජනාවට ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇත.

    Latest News