රටතුළ කිසිඳු ඉන්ධන හිඟයක්‌ නැහැ - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

මාර් 13, 2020

    රටතුළ කිසිඳු ඉන්ධන හිඟයක්‌ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

    රටතුළ ඉන්ධන හිඟයක්‌ පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවයක්‌ නොමැති බවත්‌, ප්‍රමාණචත්‌ ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල්‌ සංස්ථාව සතුව පවතින බවත්‌ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

    ඉන්ධන හිඟයක්‌ පිළිබඳ අනවශ්‍ය බියක්‌ ඇතිකර නොගන්නා ලෙසත්‌, කිසිඳු හිඟයකින්‌ තොරව දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි ලංකා ඛනිජ තෙල්‌ සංස්ථාව මඟින්‌ අඛණ්ඩව සිදුකරන බවත්‌ එම අමාත්‍යාංශය වැඩිදුරටත්‌ ප්‍රකාශ කරයි.

    Latest News