අංක තහඩුවේ හැටියට වාහනවලට තෙල් දෙන්න යෝජනාවක්

ජූනි 23, 2022

    සාමාන්‍ය රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සදහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දාත් 3, 4 සහ 5 අංක සහිත වාහනවලට අඟහරුවාදා සහ සිකුරාදා දිනත් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    වාහන අංක තහඩුවේ අවසන් අංකය 6,7,8 සහ 9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමටයි යෝජනා කර ඇත්තේ.

    කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

    ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා සතියකට හෝ මාසයකට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැකි වනවා.

    Fuel-week.jpg

     

    Latest News