ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන මෙරටට

මැයි 05, 2022

    ඉන්දීය රජයේ සහයෝගීතාවය මත ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) දින කොළඹ වරාය වෙත ළඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    මෙම ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000කින් සමන්විත බවයි, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය Twitter ගිණුමේ සඳහන් කරන්නේ.

    පවතින අර්බුදය හමුවේ මේ වනවිට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ.

     

    India

    Latest News