පුනාගල, කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (25) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට වඩා භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශවී තිබේ.

අද උදැසන ගලෙන්බිඳුනුවැව නගරයේ පිහිටි පුද්ගලික ඔසුහලක ගින්නක් හටගෙන එහි දේපලවට හානී වී ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය සදහන් කරයි.

මරදාන සංඝරාජ මාවතේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ගෑස් ටැංකියක් පුපුරා යාම ඊට හේතුවයි.

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කජීමා වත්තේ අද අලුයම 2.40ට පමණ ඇතිවූ ගින්නකින් නිවාස රැසක් ගිනිගෙන විනාශ වී තිබේ.

කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් අද (15) උදෑසන 9.15ට පමණ හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

පිළියන්දල, කරදියාන කුණු කන්දේ හටගත් හදිසි ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව මොරටුව ගිනි නිවිමේ දෙපාර්තමේන්තුව පවසයි.

වැලිගෙපොල පොලිස් භට නිවාසයේ ඊයේ රාත්‍රීයේ ගින්නක් හටගෙන තිබේ.

ලිඳුල - බඹරගල ප්‍රදේශයේ වතු කම්කරු නිවාස පෙළියක හටගත් ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

කැලණිය - පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක හදිසි ගින්නක් හටගෙන තිබේ.

පුත්තලම, පරණ අනුරාධපුර මාර්ගයේ අතුරු මාර්ගයක නිවසක් පිටුපස නවතා තිබූ ලක්ෂ 70 ක් පමණ වටිනාකමකින් යුත්ත කාර් රථයක් ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

Latest News