එකම පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථය ගිනිගනී

ඔක් 25, 2022

    නුවරඑළිය, ලවර් ස්ලිප් ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (25)  පස්වරුවේ ගිනිගැනීමට ලක්වුණා. 

    ත්‍රීරෝද රථය නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගෙන නුවරඑළිය ලවර් ස්ලිප් ප්‍රදේශයෙ පිහිටි නිවස කරා  ගමන් කරන අවස්ථාවේ  නගරයේ බස් නැවතුම්පලට යාබදව  පිහිටි නගරසභා පුස්ථකාලය අසළදි ත්‍රිරෝද රථයේ එන්ජිම දෙසින් ගින්න හටගෙන ඇත.

    අසළ සිට පිරිස ගින්න පාලනය කිරිමට විවිධ අයුරින් උත්සහ කර ඇති අතර අසළ වෙළදසැලක තිබු ගිනි නිවන උපකරණයක් රැගෙන විත් ත්‍රි රෝද රථයේ ඇවිලෙමින් තබු ගින්න නිවා දැමිමට එම වෙලදසැලේ සේවකයා සමත්ව තිබේ.

    ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ මව, පියා සහ දියනිය ගමන් කර ඇති අතර , ත්‍රි රෝද රථය ධාවනය කර ඇත්තේ පියා විසින්ය.

    ගින්නේන එම තිදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි,  නුවරඑළිය පොලිසිය පවසන්නේ. 

    Latest News