පෙට්‍රල් බෝතලයෙන් හටගත් ගින්න

මාර් 21, 2022

    කොළඹ - 13, බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණයේ, ඊයේ පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ.

    ගින්න හට ගෙන ඇත්තේ, මහල් නිවාස සංකීර්ණයේ 4 වැනි මහලේයි. මහල් නිවාස සංකීර්ණයේ නිවසකට ගෙන විත් තිබූ පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිලීමෙන් නිවස තුළ ගින්න පැතිර ගොස් තිබේ.

    ගිනි ගැනීමත් සමග නිවසේ සිටි පුද්ගලයෙකු මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි, වාර්තා වන්නේ.

    ගිනි ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News