අධිතාක්‍ෂණික ගිනි නිවීම් රථ, පළාත් පාලන ආයතනවලට...(වීඩියෝ)

මාර් 18, 2022
  • අධිතාක්‍ෂණික ගිනි නිවීම් සහ ආපදා රථ 15ක් පළාත් පාලන ආයතනවලට බෙදාදීම අද (18) සිදු කෙරුණා.

    ඒ, අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 243ක්. උත්සවය පැවැත්වුණේ ගාලු මුවදොර පිටියේදී. ඊට මූල්‍ය පහසුකම් ලබාදෙනු ලැබුවේ, ඔස්ට්‍රියාවයි. අගමැතිතුමා පිළිගැනීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උත්තමාචාරයක් සහ ගිනි නිවීම් රථ පෙළපාලියක් ද සංවිධාන කර තිබුණා. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 14ක ප්‍රධානීන් වෙත ගිනි නිවීමේ සහ ආපදා රථවල යතුරු නිල වශයෙන් බාරදෙනු ලැබුවේ අග්‍රාමාත්‍යතුමා විසින්. ගිනි නිවීම් රථ, ඉනිමං සහිත ගිනි නිවීම් රථ, ජිවිත හා දේපළ බේරා ගැනීමේ රථ, අති නවීන සන්නිවේදන රථ සහ ජල විදින රථ මීට ඇතුලත්.

    අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සිකුරාදා, 18 මාර්තු 2022 19:24

    Latest News