පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

ඔක් 27, 2023

    පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ අද උදේ ගින්නක් හට ගත්තා. ඉන් 17 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 6 දෙනෙකුගේ තත්වය බරපතල බවයි, වාර්තා වන්නේ.

    ගින්නට ලක් වූ ගොඩනැගිල්ල තුළ කොටු වූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    දෙවැනි රහස් වීදියේ රතු පල්ලිය ඉදිරිපිට තිබෙන ඇඟලුම් වෙළෙඳසැලක අද උදේ 8 ත් 9 ත් අතර කාලයේදී ගින්න හට ගෙන තිබෙනවා.

    ඉක්මණින් එය පැතිරී ගිය බවයි, සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරන්නේ.

    ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව හා වරාය ගිනි නිවන ඒකක කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට ඉදිරිපත් වුණා. ගිනි නිවන රථ 7 ක් පමණ ඒ සඳහා යොදවනු ලැබූ බවයි, වාර්තා වන්නේ.

    පැය දෙකකට අධික කාලයකින් පසු ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බව, ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ‍නිලධාරීන් ප්‍රකාශ කරනවා.

    තුවාල ලැබූ 17 දෙනා ඇඟලුම් අලෙවිහලේ සේවකයන් බවයි, වාර්තා වන්නේ. ඔවුන්, කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.

    6 දෙනෙකුගේ තත්වය බරපතල බව, රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. ගින්නට ලක් වූ ගොඩනැගිල්ල තුළ තවත් පිරිසක් කොටු වි ඇතැයි, විශ්වාස කෙරෙන බවයි, ජීවිතාරක්ෂක කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ.

    ඔවුන් මුදාගැනීම සඳහා වන සෝදිසි මෙහෙයුම් දැන් ක්‍රියාත්මක බව, අප වාර්තාකරු සඳහන් කළා.

    Last modified on සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 11:54

    Latest News