ගැටුම් අතර දේශපාලඥයින්ගේ නිවාස රැසක් ගිනි තබයි (වීඩියෝ)

මැයි 10, 2022
  • රටපුරා ඊයේ දිනයේ සිදුවූ කළහකාරී සිදුවීම් අතර තුර දේශපාලනඥයින්ගේ නිවාස රැසකට ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ පොළොන්නරුව ගිරිතලේ පිහිටි නිවසට හා කාර්යාලයට දැඩි අලාභහානි සිදුකර තිබේ. ගිනි තැබීමෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ විය.

    වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මැතිණියගේ ස්මාරක කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රී කඩා බිඳ දමා තිබේ. එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගියේය. ස්මාරකය ආසන්නයේ පිහිටා තිබු හිටපු පළාත් සභා මන්ත්‍රී කපිල දිසානායක මහතාගේ නිවසට ද ගිනි තබා තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා මහතාගේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලය අසළ පිහිටි නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

    ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහ බන්දු මහතාගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල වී තිබේ. බලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති සමන්ද සිල්වා මහතාගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

    අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ අරුණ ප්‍රදීප් මහතාට අයත් මත්පැන්හලක් සහ හෝටල් දෙකකට ද ඊයේ ප්‍රහාර එල්ල වි තිබේ. හිටපු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ හොරණ මිල්ලනිය පිහිටි නිවස ද ප්‍රහාරයකට ලක්විය. නිවසට මෙන්ම රථවාහනවලට ද හානි සිදුව තිබේ. හොරණ නගරාධිපති විතානගේ සිරිතුංග මහතාගේ නිවසට ද ඊයේ ප්‍රහාරයක් එල්ල විය.

    අම්පාර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ මහතාගේ නිවස ද සම්පූර්ණයෙන්ම ගිනිබත් කර තිබේ.අම්පාර නගරාධිපති කැලුම් කුමාර මහතාගේ නිවස ද ගිනිතබා විනාශ කෙරිණ.

    අම්පාර නගර සභාවේ උප නගරාධිපති දුලිප් කුමාර මහතාගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල වී තිබේ. මහනුවර නාගරික මන්ත්‍රී සංගීත් සිල්වා මහතාගේ බෝගම්බර පිහිටි නිවසට ද ගිනි තබා තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 17:24

    Latest News