චට් චක් ගින්නෙන් ටුක් ටුක් ගාලා සුන් වූ කඩවල්

ජූනි 11, 2024
    තායිලන්තයේ බැංකොක් නුවර ප්රසසිද්ධ චට් චක් වෙළෙඳපොළේ හට ගත් ගින්නකින් සතුන් දහසක් පමණ මිය ගොස් තිබෙනවා.
    ‍වෙළෙඳසැල් 100 ක් පමණ විනාශ වුණා.
    අලෙවිය සඳහා කූඩුවල රඳවා සිටි කුරුල්ලන්, සුනඛයින්, බළලුන් සහ සර්පයින් මෙලෙස පිලිස්සී මිය ගොස් තිබෙනවා.
    මීයන් සහ හූනන් ද මිය ගිය සතුන් අතරට අයත්. විදුලි කෙටීමකින් ගින්න හට ගෙන තිබෙනවා.
    ‘චට් චක්’, අග්නිදිග ආසියාවේ විශාලතම වෙළෙඳපොළවල් අතරින් එකක් වනවා. සෑම සති අන්ත දිනකම සංචාරකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් එහි පැමිණෙන බවයි, වාර්තා වන්නේ.

    Latest News