තොටළග ගින්නෙන් නිවාස 80කට හානි

සැප් 28, 2022

    තොටළඟ - කජීමාවත්තේ ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ (27) රාත්‍රී හටගත් මෙම ගින්න ගිනි නිවන ඒකකය, පොලිසිය හා යුද හමුදාව එක්ව පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

    ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

    පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී තිබේ.

    Latest News