හිඟුරුගොඩ රක්ෂිතයේ ගින්නක්

ජූනි 13, 2022

    බදුල්ල - මීගහකිවුල, ගල්කඩේ මාර්ගයට ඉහළින් පිහිටි හිඟුරුගොඩ රක්ෂිතයට අද අළුයම කිසියම් පිරිසක් ගිනිතබා තිබේ. ගින්න මේ වන විටත් පැතිරයමින් පවතින බවයි,අප වාර්තාකරු පවසන්නේ.

    රක්ෂිතයේ අක්කර 50ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබේ. ටර්පන්ටයින් වගා කර ඇති රජයේ රක්ෂිතයකටයි ගිනි තබා ඇත්තේ.

    එහි ටර්පන්ටයින් වගාවට අමතරව දමුනු, කැටකෑල,බුරුත,කොළොන් ඇතුළු වටිනා ගස් රැසක් ගින්නට හසුවී විනාශ වී තිබේ.

    වල් ඌරන්, මුවන්,ඉත්තෑවන් වැනි සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. 

    Latest News